03 August 2025

logo

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්



කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර 96ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි.

එමෙන්ම උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000කට වැඩි පිරිසක් සඳහා විදුලියද විසන්ධි වී තිබෙනවා.

කෙසේවෙතත් මීට පෙර කැලිෆෝනියාවේ උතුරු වෙරළෙහි ඇති වූ රික්ටර් මාපක 7.0ක භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් සතියකට පසුව මෙලෙස ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

(colombotimes.lk)