18 December 2024


විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 03 ඉක්මවයි



2024 වසරේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් 13වනදා වන විට එම ප්‍රමාණය 300,162ක් ලෙස සටහන් වූ බවයි.

මෙම වසර තුළදී පිරිමි ශ්‍රමිකයන් 177,804ක් සහ කාන්තාවන් 122,358ක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේදී ද ශ්‍රමිකයන් 310,948ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

(colombotimes.lk)