03 July 2025

logo

කොරියානු ජනපතිට ධූරය අහිමි වෙයි



පසුගියදා දකුණු කොරියාව තුළ යුධ නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යෝල්ට එරෙහිව ජාතික සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟ යුන් ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වී තිබෙනවා.

එරට ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 204ක් ලැබී ඇති අතර එයට විපක්ෂව ඡන්ද 85ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෝෂාභියෝගයට විපක්ෂව ඡන්ද 85ක් හිමිව තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති බවයි.

(colombotimes.lk)