27 December 2025

logo

නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිල්ලි අගනුවර වායු ගුණාත්මක දර්ශකය 332 එනම් ඉතා දුර්වල මට්ටමට පහත වැටී ඇති බවයි.
 
එය දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ පහත වැටී තිබෙනවා. 

එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දින හය තුළද නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි. 

(colombotimes.lk)