තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.
ඒ “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයක්” 10වන පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදීයි.
මෙම සංසදයේ මෙහෙයුම් කමිටුව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඔෂානි උමංගා, කන්දසාමි ප්‍රභු, ජගත් මනුවර්ණ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් පත්වී තිබෙනවා.