06 June 2025


වසර 16කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලැබුණු ජය



බෘෘනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා. 

ඒ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1 - 0ක් ලෙස බෘෘනායි කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ පළමු අර්ධයේදී කිසුදු කණ්ඩායමට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා.

තරගයේ 57වන මිනිත්තුවේ ලියෝන් පෙරේරා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට බෲනායි කණ්ඩායම පරාජය කර තිබුණේ 2009 වසරේදීයි.

 
(colombotimes.lk)