13 December 2025

logo

කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්



දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවයි. 

චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවෙක් විසින් නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)