06 June 2025


හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ ඇපෑලට දින නියම වෙයි



හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ ඇපෑල ජුනි 16වනදා විභාගයට ගැනීමට දින නියම කර තිබෙනවා. 

ඒ මෙම ඇපෑල මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (05) කැඳවූ අවස්ථාවේදීයි. 

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටු කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම ඇපෑල ඉදිරිපත් කර තිබෙනවා. 

 
(colombotimes.lk)