වසර 100කට අධික කාලයකට පසු ජපානයේ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2024 වසරේදී වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ එරට දරු උපත් සංඛ්‍යාව 686,061ක් ලෙස වාර්තා වී ඇති බවයි.
එය 1899 වසරට පසුව ජපානයේ සිදුවූ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ.
එමෙන්ම 2023 වසරට සාපෙක්ෂව 2024 වසරේදී දරු උපත් සංඛ්‍යාව 5.7%කින් පහළ ගොස් තිබෙනවා.