06 June 2025


හිටපු රාජ්‍ය නිලධාරිනියක් අත්අඩංගුවට



ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්. ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදු කිරීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)