මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වන අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 67වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.
ඇය සිනමාවට පිවිස ඇත්තේ 1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා චිත්‍රපටය හරහායි.
ඉන්පසු ඇය බාඳුරා මල්, රෑ මනමාලි, හිතත් හොඳයි වැඩත් හොඳයි වැනි සිංහල චිත්‍රපට රැසකට රංගනයෙන්ද දායක වී තිබෙනවා.
එමෙන්ම ඇය තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වනවා.
(colombotimes.lk)