හිටපු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් සියල්ල නැවත පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරමින් සිටින බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඔහු සඳහන් කළේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සියලුදෙනා මේ වන විට නැවත කැඳවා ඇති බවයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 1200කට ආසන්න පිරිසක් නැවත කැඳවා තිබෙනවා.
(colombotimes.lk)