09 May 2025


දීමනා කප්පාදු කළ බවට අබාධිත රණවිරුවන්ගෙන් චෝදනා



රජය විවිධ හේතු ඉදිරිපත් කරමින් අබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් චක්‍රලේකයක් නිකුත් කර ඇති බව රණවිරු ''අපි වෙනුවෙන් අපි'' සංගමය චෝදනා කරනවා. 

ඒ අනුව අබාධිත රණවිරුවෙක් වෙනත් හදිසි අනතුරකින් වයස අවුරුදු 55ට පෙර මියගිය හොත් නව චක්‍රලේකයට අනුව ඔහුගේ පවුලට වැටුප නොලැබෙන බව ඔවුන් ප්‍රකාශ කළා. 
 
යුද්ධයේදී සිදුවූ අබාධ තත්ත්වයන්ගේ බලපෑම මත මියගිය රණවිරුවන්ට පමණක් මින් ඉදිරියට අදාළ දීමනා සහ වැටුප් ගෙවීම සිදු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.
(colombotimes.lk)