09 May 2025


Ambati Rayudu ක්‍රිකට් දිවියට සමු දෙයි



අද (29) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව Ambati Rayudu ප්‍රකාශ කර තිබෙනවා.

වසර 13ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා දිවිය තුළ Mumbai Indians සහ Chennai Super Kings කණ්ඩායම් නියෝජනය කළ Rayudu කණ්ඩායම් ද්විත්වයටම විශාල සේවාවක් සැපයූ ක්‍රීඩකයෙක්. 
 
Mumbai Indians සහ Chennai Super Kings යන කණ්ඩායම් නියෝජනය කරමින් තරග 204ක්, තරග වාර 14ක්, අවසන් මහා තරග 8ක් සහ ශූරතා පහක් දිනා ගත්තා. 
 
Rayudu IPL ඉතිහාසයේ තරග 200කට වැඩි ගණනක් ක්‍රීඩා කර ලකුණු 400කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
(colombotimes.lk)