18 March 2025


පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා වූ සංශෝධන පාර්ලිමේන්තුවට



2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා වූ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම පනත සංශෝධනය කිරීම සඳහා 2025 පෙබරවාරි 19වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත් අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

 
(colombotimes.lk)