ඉරානයට එල්ල කරන ප්‍රහාරවලදී නවීන AI තාක්ෂණ ක්‍රමවේද යොදාගන්නා බව ඇමෙරිකානු මධ්‍යම විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසනවා.
ඔහු සඳහන් කළේ සිය ප්‍රහාරක යානා දියුණු AI තාක්ෂණය භාවිතා කරන අතර දත්ත විශාල ප්‍රමාණයක් කඩිනමින් පරීක්ෂා කිරීමට මෙම පද්ධතිය යටතේ හැකි වී තිබෙන බවයි.
එමෙන්ම සෑම විටම අවසන් තීරණය ගනු ලබන්නේ මිනිසුන් බවත් මීට පෙර පැය ගණන් ගතවූ ක්‍රියාවලි AI තාක්ෂණය භාවිතා කිරීමෙන් තත්පර ගණනකින් ඉටුකර ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
