colombotimes.lk
සිංහල | English

17 October 2024


ඇමරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමු වී තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවට සිය කෘතඥතාවද පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)