colombotimes.lk
සිංහල | English

17 October 2024


සී ෂෙල්ස් නව නීතිපති ධූරය ශ්‍රී ලාංකිකයෙක්ට



සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ඊයේ (16) එරට රාජ්‍ය මන්දිරයේදී නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වින්සන්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔහු සී ෂෙල්ස්හී නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙක් ලෙසද මීට පෙර කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)