colombotimes.lk
සිංහල | English

17 October 2024


ඉන්දීය විදේශ ඇමති පාකිස්ථානයට



ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂන්කර් පාකිස්ථානයට ගොස් තිබෙනවා.

ඒ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අමාත්‍යවරයෙක් පාකිස්ථානයට පැමිණියේ වසර 9කට පසුව බවයි.

තමන් සමුළුවට සහභාගී වීම සඳහා පමණක් පාකිස්ථානයට යන බවත් එහිදී කිසිදු ද්විපාර්ශවික සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත් ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සදහන් කළා.

(colombotimes.lk)