colombotimes.lk
සිංහල | English

17 October 2024


SL Vs WI - T20 | තීරණාත්මක අවසන් තරගය අදයි



සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන T20 තරගය අද (17)පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය කොදෙව් කණ්ඩායමත් දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමත් ජයග්‍රහණය කළා.

ඒ අනුව අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම තරගවලියේ ජය හිමි කර ගන්නවා.     

(colombotimes.lk)