05 January 2025


අම්පාර දිස්ත්‍රික්කයේ වී මෝල් සහ ගබඩා පරීක්ෂා කරයි



රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කළ බවයි.

මෙම පරික්ෂා කිරීමේ කටයුතු සඳහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)