බන්ධනාගාරයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව පසුගියදා චෝදනා රැසක් එල්ල වුණා.
ඒ ඔහුට විශේෂ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවල පළ වූ විවේචනාත්මක පුවත් හේතුවෙන්.
කෙසේ නමුත් මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මන්ත්‍රීවරයා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් රඳවා ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම කොමසාරිවරයා ප්‍රකාශ කළේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඔහුට කිසිඳු ආකාරයක විශේෂ පහසුකමක් ලබා නොදුන් බවයි.
(colombotimes.lk)