07 January 2025


නීති විරෝධීව කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වූ 04ක් කොටුවෙයි



රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පුද්ගලයන් සිව් දෙනෙක් යාපනය වේලනෙයි, තුරෙයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (04) යුද හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

අදාළ සැකකරුවන් සහ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)