ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබෙනවා.
ඒ ඉරාකය තුළදීයි.
'Boeing KC-135 Stratotanker' වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වී තිබෙන බව ඇමරිකානු හමුදාව තහවුරු කර තිබෙනවා.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ බටහිර ඉරාකයේ සිදු වූ මෙම අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර එම සිද්ධියට සම්බන්ධ වූ දෙවැනි ගුවන් යානය මේ වන විට ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.
(colombotimes.lk)
