ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් අතර පැවති හමුවකදීයි.
එහිදී දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ මෙරට මුහුදු සීමාවට යාමෙන් වළකින ලෙස ඉන්දීය ධීවරයන් දැනුවත් කරන බවයි.
එමෙන්ම දෙරටේම ධීවරයන්ට ඉන් එල්ල වී ඇති බලපෑම කඩිනමින් සමතයකට පත් කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)