ජනාධිපති අනුර කුමාර දිසානායක අද(15) පස්වරුවේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු ලබන 17 වනදා දක්වා මෙම සංචාරයේ නිරත වීමට නියමිතයි.
ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදෙස් සංචාරය මෙය වනවා.
මෙහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමඟ ද්විපාර්ශවිකව වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
දිල්ලිහි පැවැත්වෙන දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා ව්‍යාපාරික හමුවකට එක් වීමට නියමිතව තිබෙනවා.
විදේශ අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක වීමට නියමිතයි.
(colombotimes.lk)