ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පස්වරු 5.30ට පමණ නව දිල්ලි ගුවන්තොටුපොළ වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නව දිල්ලි ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් බවයි.
ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්.මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා නව දිල්ලි ගුවන්තොටුපොළට පැමිණි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)