බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
එම අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදු වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.
මෙම අනතුර හේතුවෙන් අද පෙරවරු 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියද ප්රමාද වී ධාවනය කර තිබෙනවා.
(colombotimes.lk)