20 February 2026

logo

ඉන්දීය මහ කොමසාරිස් අමාත්‍ය බිමල්ව හමුවෙයි



ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදීයි.

එහිදී අසල්වැසියෙක් වන ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී විශේෂ අවදානයක් යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)