colombotimes.lk
සිංහල | English

17 October 2024


මෙරටින් හසුවූ අන්තර්ජාල ජාවාරම් ගැන පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්



විදෙස් ජාතිකයන් විසින් මෙරටදී සිදු කරන අන්තර්ජාල ජාවාරම් Scam Camp ආකාරයට දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඔහු සඳහන් කළේ මියන්මාරයේ පවතින තත්ත්වය හා සමාන තත්ත්වයක් මෙරට ක්‍රියාත්මක අන්තර්ජාල ජාවාරම්වලද දක්නට ලැබෙන බවයි.

Scam Camp සිදු කිරීමේදී ඔවුන් වෙනම ස්ථානයක් තෝරාගන්නා බවත් ඔවුන්ට පිටතට යාමට ඉඩනොදෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් සිදු කරන චීන ජාතිකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී චීන පොලීසිය ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඉතාම සමීපව කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)