colombotimes.lk
සිංහල | English

17 October 2024


ඊශ්‍රායලයෙන් ලෙබනනයට තවත් බෝම්බ ප්‍රහාරයක්



ලෙබනනයේ ඛානා ගම්මානයට ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇති බවයි.

එම ගම්මානයේ නිවාස සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

1996 සහ 2006 වර්ශයන්වල ඊශ්‍රායලයේ සමූල ඝාතනවලට ඛානා ගම්මානය ලක්වී තිබෙනවා.

(colombotimes.lk)