colombotimes.lk
සිංහල | English

17 October 2024


ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එලෙස මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බවයි.

(colombotimes.lk)