colombotimes.lk
සිංහල | English

17 October 2024


අපේක්ෂක වියදම් ගැසට්ටුව හෙට රජයේ මුද්‍රණාලයට



එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳ ගැසට් පත්‍රය හෙට (17) රජයේ මුද්‍රණාලයට භාර දීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ සම්බන්ධයෙන් යෝජනා රැස් කිරීමට පක්ෂ ලේකම්වරුන් ඊයේ (15) මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා.

එහිදී පක්ෂ ලේකම්වරුන් සඳහන් කළේ බොහෝදුරට එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රුපියල්. 109ට අඩු අගයක් වන බවයි.

(colombotimes.lk)