තුර්කියේ පුපුරණද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
මේ අතර පිපිරීමත් සමග අදාල කර්මාන්තශාලාව පිහිටි ගොඩනැගිල්ල ද කඩා වැටී තිබෙනවා.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)