13 June 2026

logo

ආදි අනන්දියන්ගේ මහා ලේ දන්දීමේ කඳවුර හෙට



කොළඹ මියුසියස් විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම් එක්ව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදීයි.
   
මෙම ලේ දන්දීමේ කඳවුර 'එක්ව අපි ජීවිත සුරකිමු' යන තේමාව යටතේ සංවිධානය කර තිබෙනවා.

එය පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

රට තුළ පවතින රුධිර අවශ්‍යතාව සපුරාලීම සඳහා දායක වෙමින් ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම ලේ දීමේ කඳවුර සංවිධානය කර තිබෙනවා.


(colombotimes.lk)