ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වී තිබෙනවා.
මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න එම නඩුවෙන් ඉවත්වන බවද අද පෙරවරුවේ දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවා තිබෙනවා.
විනිසුරු සුජීව නිශ්ශංක සඳහන් කළේ තමන්ද මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීම සඳහා මැයි මස 21වනදා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)