17 May 2025


රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතියි



දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වන විට ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් අද (17) රාත්‍රියේදීත් තැපැල් දුම්රියන් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (16) රාත්‍රියෙන් ආරම්භ වූ මෙම වර්ජනය අද රාත්‍රියේදී අවසන්වීමට නියමිතයි. 

ඔවුන් ආරම්භ කර තිබෙන මෙම වර්ජනය හේතුවෙන් මගීන් රැසක් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.


(colombotimes.lk)