17 May 2025


නාවලපිටිය නගරයට කාලගුණය දරුණු වෙයි



නාවලපිටිය ප්‍රදේශයට අද (17) උදෑසන අධික වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.

ඒ හේතුවෙන් නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ශ්‍රීපාදපිරිවෙන දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි.  

 

(colombotimes.lk)