ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහය වූ තවත් සැකකරුවෙක් ඊයේ (21) මාදම්පිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව මේ දක්වා ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් 14දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)