ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙක් වන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 73දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව එරට පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
