10 January 2025


පාඨලීට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට



හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) අවසර ලබාදී තිබෙනවා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබුණා.

ඒ සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ අනුව දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද සිට ලබන අප්‍රේල් 20වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළා.

එමෙන්ම අප්‍රේල් 20වනදා ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)