10 January 2025


ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ වාර්තාව භාරදෙයි



ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව සිය වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.

එම ණය නියාමනය සඳහා 2023 වසරේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් වුණා.

ඒ අනුව එම කෙටුම්පතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අනතුරුව එම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මාස 5ක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන සහ සලකා බැලිය යුතු  සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි වෙත අද භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)