22 December 2024


තමා ඉදිරියේදී දේශපාලනයට නොඑන බව බන්දුල කියයි



ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (04) ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් වසර 20කට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවයි.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)