22 December 2024


කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි



අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් බැංකු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් අද දින තෙක් බලපැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අද අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කර තිබෙනවා.

(colombotimes.lk)