08 May 2025


සිස්ටයින් දෙව් මැදුරු කවුළුවෙන් යළිත් කළු දුමාරයක්



නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම අද (08) තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් සිස්ටයින් දෙව් මැදුරු කවුළුවෙන් කළු දුමාරයක් නිකුත් වූ බවයි.

නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බව එමඟින් සංකේතවත් වී තිබෙනවා.

 
(colombotimes.lk)