සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ නිල විදේශ සංචාර සම්බන්ධයෙන් හෙළි කිරීමක් සිදු කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව 2022 සිට 2024 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23ක් සඳහා රුපියල් බිලියන 1.27ක වියදමක් දරා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති වික්‍රමසිංහ 2022 වසරේදී විදේශ සංචාර 4ක්, 2023 වසරේදී 14ක් සහ 2024 වසරේදී දී තවත් විදේශ සංචාර 5ක් සිදු කර ඇති බවයි.