බංගලාදේශයේ රාජ්බාරි හී නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට පෙරළී ඊයේ (25) අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන් වී සිටින බවයි.
දොඹකරයක ආධාරයෙන් බස් රථය මේ වන විට ගොඩට ගෙන ඇති අතර බස් රථය තුළ තිබී මළ සිරුරු 14ක් ද සොයා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංගලාදේශයේ ඩකා අගනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ ළමුන් කිහිපදෙනෙක් ඇතුළුව මගීන් 40ක් පමණ සිට ඇති බවට අනාවරණය වූ බවයි.
(colombotimes.lk)
