18 April 2025


බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි



අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම එළඹෙන 21වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මඟින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ බස් රථය අඛණ්ඩව ධාවනය කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ රියදුරුගේ සේවා කාලය පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම වෙනත් රියදුරෙක් ආදේශ කළ යුතු බවයි.

එමෙන්ම අවුරුදු කාලසීමාවේ මගී ප්‍රවාහන බස් රථ විශේෂ චාරිකා සඳහා යෙදවීමද තහනම් කර තිබෙනවා.

(colombotimes.lk)