21 May 2025


ලංවිම පෞද්ගලීකරණය වගන්තිය ඉවතට



නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.


(colombotimes.lk)