21 May 2025


නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්



ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

(colombotimes.lk)